ජනපති ගෝඨාභය ඉල්ලා අස්වනු…! ආණ්ඩුවට අවු. 05ක් දුවන්න බෑ…! ඇමැතිවරුන්ට ගල් ගහන යුගය ළඟයි…! – විදුර..

January 1, 2022 at 2:24 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික වශයෙන් රට සංවර්ධනය කිරීමේ දී යන්නේ තනි ගමනක් නම් එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ රට සංවර්ධනය කිරීමේ දී කැබිනට් මණ්ඩලයට සුදුස්සන් පත් කළ යුතු බවත්,රජයේ උසස් තනතුරුවලට නිවැරදි රාජ්‍ය නිලධාරීන් පත් කොට කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතුව ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනයා යුතු බවත්ය.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය සමග ආණ්ඩුවට වසර 5 ක නිල කාලය සම්පූර්ණ කිරීමට නොහැකිව බිඳ වැටෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසන විදුර වික්‍රමනායක, අවුරුදු 5 ට කලින් නැවත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිදු වනු ඇතැයි සඳහන් කරයි.

ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වය හමුවේ ඉදිරියේ දී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාව ගල් ගසනු ඇතැයි ද ඔහු සඳහන් පැවසීය.

මේ අතර එල් .එන් .ජී සැපයුම සහ එල් .එන් .ජී. බලාගාර ඇමරිකානු සමාගමට ලබා දීම සම්බන්ධයෙන් පුද්ගලිකව තමා විරුද්ධ බවත් රාජ්‍ය අමාත්‍ය වික්‍රමනායක කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස