මම ගෞරව උපාධි එක්ක පාස් වෙලා ගොඩක් කල්….! දැන් වැඩ කරන්නේ ඩබ්ල් PHD එකට…! – ජනපති…

March 7, 2021 at 12:08 pm | by emanisa.lk

තමා අසමත් බවට විපක්ෂය ව්‍යාජ මතවාද ව්‍යාප්ත කළ ද තමා සමත් වී බොහෝ කල් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

“සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස් මාක්ස්. ඉතින් මම පාස්වෙලා හුඟාක් කල් එකගෞරව උපාධි එක්ක ම. දැන් මම වැඩ කරන්නේ ඩබ්ල් PHD එකට.”

එදා පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ ආණ්ඩුවේ දේශපාලකයින් සහ සහයකයින් අද කළු කොඩි ඔසවන බවත් කළු කොඩි එසවීමට තිබුණේ අද නොව පාස්කු ප්‍රහාරය එල්ල වූ දා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

තමා බලයට පත් වූයේ පාස්කු ප්‍රහාරය නිසා යැයි කීව ද පළාත් පාලන මැතිවරණය පැවැතියේ පාස්කු ප්‍රහාරයට පෙර බවත් එහි දී ද තම කඳවුර විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් බවත් හෙතෙම සිහිපත් කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ ගම සමඟ පිළිසඳර වැඩසටහනේ 13 වන අදියරට කුරුණැගල ගිරිබාව වේරගල ප්‍රදේශයේ දී එකතු වෙමිනි.

ඊට සමගාමීව විදුලි පහසුකම් නොමැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන ගිරිබාව වේරගල ගම්මානයේදී අරම්භ කෙරුණි.

අනතුරුව මාදුරාගම ක්‍රිඩාපිටියට පැමිණි ජනාධිපතිවරයා ගම්වාසින් සමග සුහද පිළිසඳරක නිරත විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *