විපක්ෂයේ ගෝඨා ෆේල් ප්‍රචාරක ව්‍යාපෘතිය පුස්සක්! ආණ්ඩුවට විකල්පයක් අහලක නෑ! – නිර්මාල්

November 15, 2020 at 9:55 am | by emanisa.lk

ආචාර්ය නිර්මාල් රංජිත් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහත දැක්වෙයි.

ආණ්ඩුව ෆේල් ද?

මෙය වැරදි ප්‍රශ්නයකි. අප ජීවත්වන යථාර්ථය තුළ ආණ්ඩුවකට විසඳීමට හැකි ගැටලු මෙන්ම නොහැකි ගැටලු ද ඇත. සාමාන්‍යයෙන් විසඳිය යුතු ගැටලු ලෙස මහජන කතිකාව තුළ ඇති ආර්ථික ප්‍රශ්න කොරෝනා වසංගතව වැනි දේ සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් යැයි කිව නොහැක.

මක් නිසා ද යත් මේවා සම්බන්ධයෙන් මීට වඩා ඵලදායී ආකාරයකට ක්‍රියාකළ හැකි පාර්ශවයක් දැනට දේශපාලන භූමිය තුළ නොසිටින බැවිනි. මේ නිසා ගෝඨා ෆේල් යන ප්‍රචාරක ව්‍යාපෘතිය ආණ්ඩු විරෝධීන්ට තමන් පවතින බව පෙන්නීම සඳහා වැදගත් වුව ද ඊට වඩා නම් එහි ප්‍රයෝජනයක් නැත.

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව ක්‍රියා කරන ආකාරයේ දීර්ඝ කාලීන ප්‍රයෝජන ඇත. මේ ආණ්ඩුවට ගමන් කරන දේශපාලන මාවතට අවශ්‍ය විකල්පය කවරාකාර ද යන්න පිළිබඳව මහජනයා තුළ හැඟීමක් ඇති කරවීමට ආණ්ඩුවේ ක්‍රියා කලාපය ඉවහල් වනු ඇත.

එය හරියට ජේආර්ගේ හා ප්‍රේමදාසගේ පාලන රටාව මගින් මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදව, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැනි දේ පදනම් කරගත් දේශපාලන මාවතක අවශ්‍යතාව සමාජය ඉදිරියට ගෙන ආවා මෙනි. 1994 චන්ද්‍රිකා ආණ්ඩුව විශාල ජනතා අනුමැතියකින් (වැදගත් දේ වන්නේ ජාතිකවාදී නොවන ආකාරයකට) ආණ්ඩු බලය ලබා ගැනීමයි.

මේ ආණ්ඩුවද ඩ්‍රෝන රෙජිමේන්තුව වැනි දේ හරහා පුරවැසියාගේ පුද්ගල ජීවිතය තීව්‍ර ලෙස විනිවිද යාමට දරන උත්සාහය ඉදිරියේ දී ජනයාගේ ඇස් අරවන්නක් වනු ඇත. මේ වැනි ව්‍යාපෘති සැබෑ මහජන අවශ්‍යතා සඳහා යොදා ගැනීම හා පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා ඒවා භාවිත කිරීම අතර සියුම් සීමාව මහජනයා ඉදිරියේ නිරාවරණය වීම නොවැලැක්විය හැකිය.

මහජනයා තුළ විකල්ප දේශපාලන මාවත් කෙරේ උනන්දුව ඇති වන්නේ එවැනි තත්වයන්ට මුහුණ දීමෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස