ගෝඨා නෙමෙයි සිංහල බෞද්ධ මතවාදයයි ෆේල්! විපක්ෂයේ සමහරු ඒක නොදැන ඇඳුම් මහනවා..! දත් මදිනවා..! – මංගල

December 21, 2020 at 8:08 am | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී තම කඳවුර අන්ත පරාජයකට පත් වූ බවත් සිංහල බෞද්ධ ජනතාව එක්ව ජනාධිපතිවරයෙක් ද අනතුරුව තනි සිංහල ආණ්ඩුවක් ද බිහිකර ගත් බව ඇමැති මංගල සමරවීර පවසයි.

මහා මැතිවරණයේ දී සමානුපාතික ක්‍රමය නිසා 2/3ක් ලැබුණ ද ආසන ක්‍රමය තිබිණි නම් ජේ.ආර්. ජයවර්ධනගේ 5/6ක බලය ද ඉක්මවන දැවැන්ත බලයක් ජනාධිපතිවරයාට ලැබෙන බව ඔහු සඳහන් කරයි.

මේ අතර මාස තුනක් ගතවන විට විපක්ෂයේ පිරිසක් ස’ ෆේල් යැයි කියමින් ගෝඨාභයගේ සපත්තු දෙකට ම බැස ඔහුටත් වඩා හොඳ සිංහල බෞද්ධ නායකයකු විය හැකි යැයි සිතා ඇඳුම් මසන බව දත් මදින බව මංගල සමරවීර පෙන්වා දෙයි.

එහෙත් මේ අවස්ථාවේ ෆේල් වී ඇත්තේ ස’ නොව ස’ නියෝජනය කරන මතවාදය බව අවධාරණය කරන සමරවීර වැඩි දුරටත් පවසන්නේ අපේ මතවාදය වෙනස් නොකර තව අයෙකු ජනාධිපති කළ ද ඉදිරියේ දී ද කීමට සිදුවන්නේ ස’ ෆේල් යන්න බවයි.

රටට අවශ්‍ය වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතය බවත් එක්සත් ජාතික පක්ෂය මේ රටට අවශ්‍ය බවත් මාතර පැවති ජනහමුවක් අමතමින් මංගල සමරවීර සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස