ජනතාව පරිස්සම් වෙන්න…! ඉරිදා විරෝධතාව කුමන්ත්‍රණයක්…! – ජවිපෙ…

March 31, 2022 at 12:27 pm | by emanisa.lk

රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්ත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත.

එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.
සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ.

එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.

එසේම ස්වයංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බව ද අවධාරණය කරමු.

ජනතා විමුක්ති පෙරමුණ
2022 මාර්තු 31

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස