20ට විරෝධතා මැද තිස්සටත් විරෝධය! රංජන් තිස්ස එපා කියා කෑ ගසයි!

September 23, 2020 at 12:02 am | by emanisa.lk

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී විපක්ෂය දැඩි විරෝධතාවක නිරත වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු අතේ කළු පටි බැඳ පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියූහ.

එම පිරිස “එපා එපා විස්ස එපා” යැයි කියද්දි රංජන් රාමනායක කියා ඇත්තේ “එපා එපා තිස්ස එපා” කියාය.

එහි දී කබීර් හෂීම්, රංජන් අමතා තිස්ස නොව විස්ස එපා යැයි කියන ලෙස දැනුම් දෙනු ඒ අවස්ථාවේ ජංගම දුරකතනවලින් ලබාගත් වීඩියෝ පටවල ඇසෙයි.

කෙසේ වුවද මෙය සැබෑ කරුණු පදනම් කරගෙන කීවේ ද නැතහොත් විහිළුවට කීවේ ද යන්න පැහැදිලි නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස