ජනතාවට විහිළු සපයන්න එපා..! යුගදනවි ගිවිසුමට විරුද්ධ නම් ඉල්ලා අස්වනු! – රහුමාන්ගෙන් විමල්ලාට අභියෝගයක්….

December 30, 2021 at 7:36 am | by emanisa.lk

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීමට යම් ඇමතිවරයෙකු අසමත් වන්නේ නම් එවැනි ඇමතිවරුන් ඉවත් කිරීමේ සම්පූර්ණ බලය කැබිනෙට්ටුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා සතු වගකීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

කෙසේ නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ නිකුත් කිරීම හැර එවැනි ඇමතිරුන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි ඇමතිවරුන්ද මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ නිකුත් කරන නමුත් කොන්ද කෙලින් තබාගෙන ඇමති ධුරවලින් ඉවත් නොවන බවද මුජිබර් රහුමාන් අවධාරණය කරයි. යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් දැනුම්වත් නොකර ජනාධිපතිවරයා හිතුමතේ තීරණ ගෙන ඇති නම්, එම තීරණයට එකඟ නොවන්නේ නම් කළයුතු සරල ම දේ ඇමති ධුරවලින් ඉවත් වී විරෝධය පළකිරීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අවසානයේදී මෙයද ජනතාවට විහිළු සපයන විනෝද සමය වැනි විහිළුවක් බවට පත්ව ඇති බවත් තවත් බයිස්කෝප් එකක් පමණක් වී ඇති බවත් ඔහු පවසයි. ජනතාව විවිධ ප්‍රශ්නවලින් මිරිකෙමින් සිටියදී බැරෑරුම් ප්‍රශ්න රැසකට මුහුණදී තිබියදී එම ගැටලු විසඳීම පසෙක තබා ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය රටටම විහිළු සපයමින් සිටින බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස