ආණ්ඩුවේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය කරනවා…! – ගම්මන්පිල…

October 27, 2021 at 7:23 am | by emanisa.lk

ආණ්ඩුව වැරැදි පාරේ යන විට නිවැරැදි මඟට ගැනීම සඳහා ආණ්ඩුව තුළ හිඳිමින් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ යුගදනවි බලාගාර ව්‍යාපෘතිය අමෙරිකානු සමාගමකට දීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ තෙල්, වරාය සහ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (26) කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ සටනක් දියත් කරන බවත්, මෙතෙක් එසේ දියත් කළ සටන් බොහෝමයක් ජයග්‍රහණය කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

රටට අහිතකර දෙයක් වෙන්නේ නම් එය වැළැක්වීමට කටයුතු කරන බවට තමා සහ ඇමැති විමල් වීරවංශ ජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් දී තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *