ජනපති සමග යුගදනවි කතා එකඟතාවක් නැතිව අවසන්..! පක්ෂ 11 පිටකෝට්ටේ මහජන සමුළුව ස්ථිරයි…!

October 29, 2021 at 8:01 am | by emanisa.lk

ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන පක්ෂ 11ක නායකයන් යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඊයේ (28) රාත්‍රි පැවැත් වූ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ සවස 5.00ට පමණ ආරම්භ කළ මෙම සාකච්ඡාව පැය හතරහමාරක් පමණ කාලයක් පැවැති අතර ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සහභාගි වී ඇත. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව දේශපාලන පක්ෂ 11ක නායකයන් මෙහිදී කරුණු දක්වා ඇති අතර සාකච්ඡාව දැඩි උණුසුම්කාරි ලෙස පැවැති බව වාර්තා වෙයි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු දේශපාලන පක්ෂ 11ක නායකයන්ට අමතරව නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන යන ඇමැතිවරු සහ පො.ජ.පෙ. ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

කෙසේ වෙතත් යුගදනවි ගිවිසුමට එරෙහිව පක්ෂ 11ක නායකයෝ අද (29) සවස 3.00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර ඇති මහජන මන්ත්‍රණ සභා සැසිය පවත්වන බව ද පක්ෂ නායකයෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *