ආණ්ඩුවේ කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහිව මහ පාරේ අරගලය පටන් ගන්නවා…! – සජිත්…

September 26, 2021 at 2:27 pm | by emanisa.lk

රටේ සම්පත් තමන්ගේ පුද්ගලික දේපල සේ සලකමින් කුණු කොල්ලෙට විකුණා දමන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහි සෞඛ්‍යමය සහ නිරෝධායන නීති රීතිවලට අනුගතව මහපාරෙ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුවේ දේශීය සම්පත් විකිණීමට එරෙහිව සියලු බලවේග හා එක්ව මහජන පවුරක් සේ ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආණ්ඩුව මැතිවරණයට පෙර ඉදිරිපත් කරනු ලැබූ සෞභාග්‍යයේ දැක්ම කීතු කීතුවලට ඉරා දමමින් ඒ වෙනුවට මහා පාවාදීමේ දැක්ම ක්‍රියාත්මක කරමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේ ය.

ආණ්ඩුව හොර රහසේ ම කෙරවළපිටිය යුගදනවි බලාගාරය කුණු කොල්ලෙට විකුණා දමමින් මෑත ඉතිහාසයේ මහා පාවාදීම සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව අද වන විට සිය ජනවරම වීසි කොට පෞද්ගලික කොමිස් ජාවාරම් ක්‍රියාත්මක කිරීම උදෙසා රටේ සම්පත් කුණුකොල්ලෙට විකුණමින් සිටින බවත් ආණ්ඩුවේ දේශද්‍රෝහී ප්‍රෝඩාව ඒ හරහා මනාව දැක ගත හැකි බවත් සජිත් ප්‍රේමදාස පැවසීය.

පානම දී පැවැති විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස