ආණ්ඩුව MCC ගිවිසුම කෑලි කෑලි ක්‍රියාත්මක කරනවා…! යුගදනවි ඇමරිකාට දීම එහි කොටසක්…! – ඇල්ලේ හිමි…

September 26, 2021 at 9:52 pm | by emanisa.lk

ජාතික සම්පත් රැක ගැනීමට ජාතික සම්පත්වල ආදරය කරන නායකයන් සිටිය යුතු බවත් වර්තමානයේ එවැනි නායකයන් නොමැතිවීම ඛේදවාචකයක් බවත් ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

ගුණවංශ හිමි සඳහන් කරන්නේ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු බලයට පත් වූ සියලු නායකයන් සිදුකළේ රටේ සම්පත් කොටසින් කොටස ඉන්දියාවට, ඇමරිකාවට සහ චීනයට විකිණීම බවයි.

එම්සීසී ගිවිසුම ඉරා දමන බවට පොරොන්දු වෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ද දැන් එම ගිවිසුම කොටස් වශයෙන් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, යුගදනවි බලාගාරය යනු එම ගිවිසුමේම එක් කොටසක් බවත් ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් නීති අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවත්, ආණ්ඩුවේ උත්සාහය කෙසේ හෝ පරාජය කළ යුතු බවත් ඇල්ලේ ගුණවංශ හිමි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *