ශානි හමුදා නිලධාරීන් 48ක් අත්අඩංගුවට ගත්තේ කොහොමද? – පරීක්ෂණ ඇරඹෙයි….

November 30, 2019 at 7:44 am | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කටයුතු කළ සමයේ යුද සහ නාවික නිලධාරීන් 48 දෙනකු අත්අඩංගුවට ගත්තේ කෙසේද යන්න ගැන විමර්ශනයක්‌ කිරීමට රජය තීරණය කර ඇත.

අත්අඩංගුවට ගත් නිලධාරීන් අතර හමුදා බුද්ධි සේවාවේ ප්‍රධානියකුව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරද වෙයි මෙම නිලධාරීන්ගෙන් හත් දෙනකු තවදුරටත් අත්අඩංගුවේ පත්වන අතර 41 දෙනකු ඇපමත මුදාහැර තිබේ.

එම නිලධාරීන්ගේ භාර්යාවන්ට පවා රහස්‌ පොලිසිය තර්ජනය කර බලහත්කාරයෙන් කටඋත්තර ලබාගැනීමට උත්සාහ කර ඇතැයි අනාවරණය වී ඇත. එම නිලධාරීන් කවුදැයි රජයේ ඉහළ බලධාරීන්ට වාර්තා වී තිබේ.

එසේම අත්අඩංගුවට ගනු ලැබූ නිලධාරීන් කළ ප්‍රකාශ ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් වෙත තොරතුරු ලබාදීමටද ඇතැම් රහස්‌ පොලිස්‌ නිලධාරීන් ක්‍රියාකර ඇතැයි ආරංචිමාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස