මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ නැවතත් බලයට පැමිණියහොත් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් 25%ක් අනිවාර්යෙන්ම මරා දමන බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක සඳහන් කරයි.
ආරක්ෂක, මහවැලි හා පරිසර අමාත්‍යංශ වැය ශිර්ෂය පිළිබඳ විවාදය ඊයේ දිනයේ පැවැති අතර ඔහු මේ බව සඳහන් කළේ එම අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී ය.
පාර්ලිමේන්තුවෙන් 25% ක් යනු 225 සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 56කි. මේ අනුව මහින්ද හා ගෝඨාභය නැවත පැමිණියහොත් මරා දමන මැති ඇමතිවරුන් ගණන අවම 56කි.