ගෝඨා ජනපති කරවූ මෛත්‍රී අගමැතිකමට සුදුදුසුයි! හම්බන්තොටින් පළවෙනියා වෙන්නේ නාමල් නෙමෙයි මං! – අමරවීර

July 1, 2020 at 9:37 am | by emanisa.lk

හිටපු ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේනට සමිබන්ධ කිසිදු පාර්ශයවකට මහා මැතිවරනයේදි මනාප ලබානොදෙන ලෙස රජයේ එක්තරා ඇමතිවරයෙක් මෙදිනවල තම දිස්ත්‍රික්කයේ ජනහමු අමතමින් පවසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙි පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ “ගමිපහා පැත්තේ ඉන්නවා ගමටත් රටටත් වැඩක් නොකරපු මහින්ද අගමැතිතුමාගේ ප්‍රතිරූපය මාකටි කරලා එතුමාගේ කරපිටින් පාර්ලිමෙන්තුවට යන්න හදන කෙනෙක්. එයා තමයි මෙ ප්‍රචාරය මාධ්‍යවල ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්කෂයින් පරාජය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මම එතුමට පැහැදිලිව කියනවා ඔය වගේ කතා ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ෂකයින් මනාප ලැයිස්තුවල පෙරමුණ ගැනිම වළක්වන්න බැ කියලා.

පළාත් පාලන ඡන්දේදි පොහොටිටුව ගත්තේ ඡන්ද ලෂ 50යි. නිදහස් සන්ධානය ඡන්ද ලෂ 17ක් ගත්තා. පසුගිය ජනාධිපතිවරනයේදි ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමාට එජනිස පක්වෂල සහාය අරන් දෙන්න සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ බව මේ අයට දැන් අමතක වෙලා. අපි කිසිදු පාර්ශවයකට ජනාධිපතිවරණයෙදි සහාය නොදි හිටියා නමි සජිත් ඡන්දේ දිනන්නත් ඉඩතිබිබා.

ඒ නිසා ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට රටෙ අගමැතිධුරය දරන්නත් සුදුසුකමි තියෙනවා. ඒත් අපේ මෙවර අගමැති අපේෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපි එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා.

ඒ වගේම තමයි මා සමග එක්වි සිටින ආදරණීය ජනතාව මෙවර හමිබන්තොට දිස්ත්‍රික් මනාප ලැයිස්තුවෙ අංක එකට මාව ඔසවා තබන බව මට සක්සුදක් සේ විශ්වාසයි.”ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ කටුුුවන දි පැවැති යොවුන් බලමුළු සමිමෙිලනය අමතමින්ය.

– media unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස