ගෝඨා කෙසේ හෝ අත්අඩංගුවට ගත යුතුමයි! නැත්නම් අපේ පරාජය නියතයි! රජයේ ප්‍රබලයන් තිදෙනෙක් කුමන්ත්‍රණයක!

August 19, 2019 at 7:56 am | by emanisa.lk

ප‍්‍රදීප් එක්නැළිගොඩ, ලසන්ත වික‍්‍රමතුංග, වසීම් තාජුඩීන් යන අයගේ ඝාතන ගැන හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ ඝාතනයකට කෙසේ හෝ ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීම සඳහා දේශපාලනඥයන් තිදෙනෙකු රාජ්‍ය ආයතනයක සිට සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.

ජනාධිපතරවණයේ දී ගෝඨාභයගේ ජයග්‍රහණය වැළැක්වීමට නම් ඔහුට විරුද්ධව බොරු සාක්ෂි නිර්මාණය කර හෝ වහාම අත්අඩංගුවට ගැනීම අනිවාර්ය බව ඔවුන්ගේ අදහස වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමත් සමග ජනතාව ඔහු වටා හිතුවාටත් වඩා ඒකරාශී වීම ආණ්ඩුවට හිසරදයක් වී ඇතැයි ඔහු සඳහන් කළේය.

බොරු චෝදනා නඟා ගෝඨාභය බන්ධනාගාරගත කර ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට උත්සාහ කළහොත් ජනතාව ලක්ෂ ගණනින් බන්ධනාගාරගත වීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් දහස් ගණනක් බන්ධනාගාර ඉදිකිරීමට සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස