ගෝඨාභය ජයගැනීම දුටුගැමුණු ජය ගැනීමට වඩා භයානකයි! – වජිර අබේවර්ධන

December 16, 2019 at 8:56 am | by emanisa.lk

එජාපයේ සමහරුන්ගේ මෝඩ සිතිවිලි නිසා එජාපයට ආණ්ඩුව අහිමි වූ බවත් එසේ නොවන්නට 19 වෙනි සංශෝධනය අනුව මාර්තු මාසය වන තුරු රටේ අගමැති රනිල් වික්‍රමසිංහ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

යූඇන්පිකාරයන්ගේ මෝඩකම් නොවන්නට රනිල් වික්‍රමසිංහ ජීවිතේට අරලියගහ මන්දිරේ දෙන්නේ නැති බව ද ඔහු හෙළි කළේය.

අද පිරිසක් ජයග්‍රහණය කළ බව සිතා සතුටු වුවත් මෙම මැතිවරණය ප්‍රතිඵලය එළාර දුටුගැමුණු යුද්ධය මෙන් භයානක බව ද ඔහු අවධාරණය කළේය.

රාජපක්ෂ පාලනය පරාජය කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවත් ඇතැම් අය සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් සජිත් ප්‍රේමදාස පාවිච්චි කරන බව ද වජිර අබේවර්ධන සඳහන් කළේය.

ගාල්ලේ පැවති එජාප බල මණ්ඩල රැස්වීමක දී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස