ආණ්ඩුවෙන් අල ගොවීන්ට කෝටි තුනක පොල්ලක්! හය මාසෙකට කලින් ගත් අලවලට තවම මුදල් දීලා නෑ!

February 21, 2019 at 6:18 am | by admin

වැලිමඩ සහ ඌව පරණගම අල ගොවීන් පිරිසක් 20 වෙනිදා රාජගිරිය කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණ ආණ්ඩුව මිලයට ගත් අල සඳහා මුදල් ඉල්ලා උද්ඝෝෂණය කළහ. කිලෝව රු. 92 ගණනේ මාස 6කට පෙර මිලයට ගත් අල සඳහා මෙතෙක් මුදල් ගෙවා නැතැයි ඔවුහු චෝදනා කළහ. තමන්ට රු. කෝටි 3කට අධික මුදලක් ලැබිය යුතු බව ද උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

පිරිස කෘෂිකර්ම අමාත්‍යංශයට පිවිසෙන මාර්ගය ද අවහිර කළහ. ඌව පළාත් කෘෂිකර්ම ඇමති උපාලි සමරවීර එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. දින තුනක් ඇතුළත සිය මුදල් ලබා නොදුණහොත් මරාන්තික උපවාසයක් කරන බවට ඔවුහු අනතුරු ඇඟවූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස