ගොඩ වෙද්දුන්ට ඕන විදිමට ගමේ පොහොට්ටු ශ්‍රීලංකා බෙදිලා බෑ! අපි මෛත්‍රී සභාපති කරලා සන්ධානයක් හදලා බේත් දුන්නා! – වීරකුමාර

February 24, 2020 at 1:19 pm | by emanisa.lk

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එකතු වී දේශපාලන සන්ධානයක් නිර්මාණය කර අවසන් බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පවසයි.

ගමේ ගොඩ වෙද්දු පොහොට්ටු ශ්‍රීලනිප ආදී වශයෙන් බෙදීම් ඇති කරන බවත් ඒ සඳහා කිසිදු ඉඩක් නැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේනගේ සභාපතීත්වයෙන් බැසිල් රාජපක්ෂගේ මහ ලේකම්කමින් සහ දයාසිරි ජයසේරගේ ජාතික සංවිධායක ධුරයෙන් සන්ධානයක් තනා නියම බෙහෙත ලබා දී ඇති බවත් එහෙයින් ගොඩ බෙහෙත් උවමනා නැති බවත් හෙතෙම අවධාරණය කරයි.

එම සන්ධානයට අනුව කටයුතු නොකර පහත් මනාප පොරයට ආවොත් ඔවුන් ප්‍රතික්ෂේප කරන ලෙස ද මන්ත්‍රීිවරයා ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස