ගිනිගත් නෞකාවේ තෙල් කාන්දුවක් නෑ! නෞකාව තවත් ලංකාව ආසන්නයට!

September 4, 2020 at 3:39 pm | by emanisa.lk

නැගෙනහිර මුහුදු වෙරළ කලාපයේදී හදිසි ගින්නක් හටගත් ඉන්ධන රැගත් MV New Diamond නෞකාව මේ වන විට ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට පැමිණ ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

මෙම නෞකාව ක්‍රමක් ක්‍රමයෙන් මුහුදේ ඇති දියවැල් හේතුවෙන් දකුණු මුහුදු කලාපය දෙසට ඇදෙමින් පවතින පවතින බවත් මෙම නෞකාවෙන් මේ වන විට කිසිදු ඉන්ධන කාන්දුවීමක් සිදුවී නොමැති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ අතර මෙම නෞකාවේ ඇතිවී තිබෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් නෞකාවට ජලය ලීටර් ලක්ෂයක් හෙලා ඇති බවත් ගුවන් මෙහෙයුම් දිගින් දිගටම සිදුකරමින් පවතින බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස