ගෑස් වෙනුවට දර භාවිතයෙන් ආයු කාලය වැඩි වෙනවා..! දර ගැන කාල් මාක්ස් පවා ලියල තියෙනවා…!- සරත්…

June 8, 2022 at 6:49 am | by emanisa.lk

ගෑස් වෙනුවට දර භාවිත කිරීමේ දී ආයු කාලය වැඩි වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ගෑස් වැනි පිරිසිදු බලශක්ති භාවිත කරන රටවල මිනිසුන්ගේ ආයු කාලය වයස අවුරුදු 80ක් පමණ වන නමුත් දර භාවිත කරන මෙරට කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 80.1ක් වන බවයි.

“නවීන පිරිසිදු බලශක්ති ඉන්ධන පරිහරණය කරන දියුණු ධනවත් රටවල මිනිස්සුන්ගේ ආයු කාලය වසර 80යි සහ 85යි. නමුත් ලංකාවේ ගෑස් මිල දී ගැනීමට අපහසු දර පරිහරණය කරන කාන්තාවන්ගේ ආයු කාලය වසර 80.1යි. ඒ කියන්නේ ලංකාවේ සමහර දර්ශක දකුණු ආසියාවේ ඉහළ ම තැනට පත්ව තියෙනවා. එයින් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බව යි.

වර්තමානයේ දර භාවිතය ගෝත්‍රික ක්‍රියාදාමයක් ලෙස අවතක්සේරු කළ ත් වසර 1800 වන තෙක් ලෝකයේ ප්‍රධාන බලශක්තිය වුණේ දරයි. 2020 ලෝකයේ සම්පූර්ණ බලශක්ති පරිහරණයෙන් 10%ක් ම ලබා ඇත්තේ දරවලින්. 1800 වසරවල ලෝකයේ දර හිඟය නිසා බඩගින්න නිසා විශාල අපරාධ සිදුවී තිබෙනවා. දර සොරකම්, ඒ සඳහා දුන් දඬුවම් පිළිබඳව කාල් මාක්ස් පවා ලිපි පෙළක් ලියලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස