අපි වගේ පළපුරුදු උගත් පිරිසකට ඇමැතිකම් දුන්නා නම් රටට මෙහෙම විපතක් නෑ,..! – රාජ්‍ය ඇමැති..

December 20, 2021 at 12:48 pm | by emanisa.lk

රටේ කිරිපිටි ගෑස් තෙල් සඳහා ඩොලර් නැති වුව ද නිවාඩුව සඳහා විදෙස්ගත වන්නට මැති ඇමැතිවරුන්ට ඩොලර් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනනේ, මේ ආණ්ඩුව ආරම්භයේ දී ම විෂයාවබෝධය සහිත පිරිසක් ළං කරගත්තේ නම් රටේ මෙවැනි අර්බුදයක් ඇති නොවන බවයි.

මේ ආණ්ඩුව ගෙන යන්නේ කිසිදු විෂයාවබෝධයක් නොමැති පිරිසක් බවත් තමන් ද අවුරුදු ගණනක් ඇමැතිකම් දරා ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස