ඇමරිකානු MCC ගිවිසුම ගහන්න ආයෙත් ලැස්ති වෙනවා…! – විමල්…

March 23, 2022 at 2:28 pm | by emanisa.lk

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උප නියෝජිතවරිය ලංකාවට පැමිණෙන්නේ MCC ගිවිසුම නැවත වටයකින් ආරම්භ කිරීමට බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් අර්බුදය සතියකින් විසඳෙනු ඇතැයි මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළ ද රට රටවලින් ඩොලර් සොච්චමක් සිඟා කා පැමිණ මෙම අර්බුදය විසඳිය නොහැකි බව ද අවධාරණය කරයි.

අවලස්සන ඇමරිකානුවා රට බංකොලොත් කර රටේ සම්පත් විකුණා දැමීම සඳහා අර අඳිමින් සිටින බවටයි, විමල් වීරවංශ චෝදනා කළේ.

ඊයේ (22) රාත්‍රී පැවැති ආණ්ඩුවේ පක්ෂ 11 නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙමෙ මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *