ඉන්ධන ගෑස් අර්බුදය සතියෙන් අවසන්…! බැසිල් කැබිනෙට්ටුවට දැනුම් දෙයි..!

March 22, 2022 at 11:32 am | by emanisa.lk

ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (21) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත.

ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී ඇතැයි සඳහන් කර ඇති ඇමතිවරයා එම මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇතැයි ද පවසා ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ කර්මාන්ත සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනයට ඇමරිකානු ඩොලර් කෝටි 150 ක ණය මුදලක් ලැබී ඇති අතර එම භාණ්ඩ ආනයනයට ද මේ විට කටයුතු කරමින් පවතින බව සඳහන් කර ඇත.

මේ අතර ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබා දීමට මහ බැංකුව එකඟතාව පළකර ඇතැයි ද, ඒ අනුව ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අදම ආරම්භ කරන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කර ඇත.

ඉන්ධන සහ ගෑස් ආනයනයත් සමඟ, දැනට රටේ පවතින ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇති බව ද බැසිල් රාජපක්ෂ වැඩි දුරටත් පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *