ගෑස් මාෆියාව ජය ගනී…! ලිට්‍රෝ සභාපති පන්නයි..!

January 13, 2022 at 11:38 am | by emanisa.lk

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙසාර ජයසිංහ අද (13) දින ඉන් ඉවත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමාගමේ නව සභාපතිවරයා ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා පත් කිරීමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

ගෑස් හිඟය සහ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් රට තුළ ඇතිව තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් තේෂාර ජයසිංහ සභාපති ධුරයෙන් ඉවත් කෙරෙන බව ද පැවසේ.

ගෑස් සංයුතිය වෙනස් කිරීම සහ ගෑස් හිඟය හටගත්තේ තෙෂාර ජයසිංහ වර්තමාන ගෑස් කොන්ත්‍රාත් ගිවිසුම වසර දෙකකින් දීර්ඝ කිරීමට අකමැති වීමත් සමග බව ද ප්‍රකාශ වෙයි. අදාළ කොන්ත්‍රාත්තුව දීර්ඝ කළහොත් රටට රුපියල් කෝටි දහසක පාඩුවක් සිදුවනු ඇතැයි තෙෂාර ජයසිංහ ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස