වැඩකළ තරුණ සේවා සභාපති එළියට…! වැඩබැරි වෘත්තීය පුහුණු සභාපති ඇතුළට…!

April 7, 2021 at 8:02 am | by emanisa.lk

ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ වෙත එම ධූරයෙන් ඉල්ලා අස්වීමට බලපෑම් එල්ල වෙමින් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

තෙෂාර ජයසිංහ මෑත කාලයේ විශාල වැඩ කොටසක් කළ තරුණ සේවා සභාවේ සභාපතිරවරයා ලෙස එහි සේවකයින් අතර මෙන් තරුණයින් අතර ද නමක් දිනා ගත්තෙකි.

ඔහු ඉල්ලා අස් වූ පසු වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ එම ධූරයට පත් කිරීමේ සැලසුමක් ඇතැයි දැන ගන්නට තිබේ.

දමිත වික්‍රමසිංහ වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පසුගිය කාලයේ දැඩි ලෙස චෝදනාවට ලක් වූ අයෙකි. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නඟනු වෙනුවට සිය පුද්ගල ප්‍රතිරූපය නංවා ගැනීමට කටයුතු කළ දූෂිතයෙකු ලෙස ඔහු හැඳින්වෙයි.

වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ධූරය තේෂාර ජයසිංහට භාර ගන්නා ලෙස දැනුම් දී ඇතත් ඔහු මෙතෙක් ඒ සඳහා කැමැත්ත ලබා දී නැතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *