ලීටර් 18 ගෑස් සිලින්ඩර් නිෂ්පාදනය අත්හිටුවයි….! සුපුරුදු 12.5 KG සිලින්ඩරය වෙළෙඳපොළට…!

July 26, 2021 at 9:03 am | by emanisa.lk

වෙළෙදපොළ තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කළ ලීටර් දහ අටේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය අත්හිටුවන බවට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසයි.

ඒ අනුව මින් ඉදිරියට ගෘහස්ථ පරිභෝජනය සඳහා ලිට්‍රෝ ආයතනය විසින් නිපදවා බෙදාහරිනු ලබන්නේ කිලෝග්‍රෑම් 12.5 වශයෙන් සටහන් කෙරුණු පාරිභෝගිකයාට හුරුපුරුදු සාමාන්‍ය ගෑස් සිලින්ඩරය පමණක් බව ද සභාපතිවරයා සඳහන් කළේය.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය ගනුලැබූ තීන්දුවකට අනුව එම ලීටර් 18 ගෑස් සිලින්ඩර​යේ නව මිල රුපියල් 1150ක් ලෙසට තීරණය කර ඇති අතර එම මිල සටහන් කෙරුණු ගැසට් නිවේදනය නිකුත් කෙරුණු වහාම වෙළෙඳපොළේ ඉතිරිව ඇති එම ගෑස් සිලින්ඩර නව මිල යටතේ අලෙවි කොට අවසන් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *