ගෑස් ගන්න ඩොලර් 100 බැගින් වැඩිපුර ගෙවලා…! කොන්ත්‍රාත්තුව දික් කළොත් කෝටි දාහක පාඩුවක්…! – ලිට්‍රෝ සභාපති…

November 6, 2021 at 1:21 pm | by emanisa.lk

‘ලිට්‍රෝ’ ගෑස් සමාගමට වර්තමානයේ ගෑස් සපයන සමාගමට නැවත සැපයුම් කොන්ත්‍රාත්තුව ලබාදුන හොත් රට අහිමිවන මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1000 ක් බව ලිට්‍රෝ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ පවසයි.

ශ්‍රී ලංකාවට අවාසිදායක ණය කොන්දේසි යටතේ එළඹ ඇති එම ගිවිසුම ලබන වසරේ පෙරවාරි මස 28 වැනිදා අවසන් වන බවත් එම සමාගමට වඩා ඩොලර් 100ක් අඩුවෙන් ගෑස් සපයන ආයතනයක් සමඟ කෙටිකාලීන ගිවිසුමකට ’ලිට්‍රෝ’ ගෑස් සමාගම මේ වන විටත් එළඹ සිටින බවත් සභාපතිවරයා කීය.

ලෝක වෙළෙඳපොළෙන් මීට වඩා ඩොලර් 50 සිට ඩොලර් 200 දක්වා අඩුවට ලංසු ලබාගත හැකි බව කී සභාපතිවරයා වර්තමාන ගිවිසුම පරිදි වැඩි මිලට ගෑස් ලබාගැනීම මගින් කවුරුන් හෝ අනිසි ප්‍රතිලාභ ලබා ඇති බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *