ගෑස් හිඟයට වගකියන්න ඕන අපි නෙමෙයි…! – ලිට්‍රෝ සභාපති…

November 15, 2021 at 1:02 pm | by emanisa.lk

ලාෆ් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොවීම තුළ ලිට්‍රො ගෑස් සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසයි.

තමන් දෛනිකව ගෑස් මෙට්‍රික් ටොන් දහසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තත් ලාෆ් සමාගම අක්‍රිය වීම මත මෙම අර්බුදය හටගෙන ඇති බව ලිට්‍රො සභාපතිවරයා සඳහන් කරයි.

ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නොමැතිවීම සහ ඒ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට පවතින බාධා නිසා ලාෆ් ගෑස් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසයි.

ගැටලුව විසඳා ගැනීම සඳහා රජයේ පාර්ශ්වයෙන් සාධනීය මැදිහත්වීමක් සිදුකර නොමැති බව ද වෑගපිටිය වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *