ගහකොළ කැපෙනවා නම් මුලින්ම විරුද්ධ වෙන්නේ අපි…! ව්‍යාජ පරිසර ප්‍රේමීන්ගේ අරමුණ රටේ සංවර්ධන ගමන නතර කිරීමයි…! – ඇමැති විමල්

March 21, 2021 at 8:43 am | by emanisa.lk

රටේ අලුතින් කර්මාන්ත බිහි වන විට වගා නොකළ ඉඩම් වගා කරන විට ලෝකයේ එක එක රටවල කැලෑ කැපූ පින්තූර දමමින් මෙන්න සිංහරාජය කපනවෝ යැයි විලාප දෙන බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පවසයි.

මේ අතිශ්‍යෝක්ති පරිසරප්‍රේමීන් යහපාලන ආණ්ඩුව යටතේ වගුරු බිම් ගොඩකරන විට, රිෂාඩ් බදියුදීන් විල්පත්තතුව කපන විට නොසිටි බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

මේ ආරම්භ වී ඇත්තේ 2015 පෙර “ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්” යනුවෙන් ගොඩනැඟූ පච අවලාද මෙහෙයුමෙහි දෙවන අදියර බව ද ඔහු පෙන්වා දෙයි.

මේ රටේ කැලෑ කපන්නේ නම් මුලින් ම විරුද්ධ වන්නේ මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට බැඳී සිටින තමන් බව විමල් වීරවංශ අවධාරණය කළේ ය.

එහෙත් මේ ව්‍යාජ පරිසර ප්‍රේමයේ අරමුණ ආණ්ඩුව දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ අතරමග බිඳ දැමීම බව ද ඔහු අනාවරණය කළේ ය.

කඩුවෙල ප්‍රදේශයේ ජන හමුවකට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස