මට අයත් සිංහරාජ හෝටලය වහා පෙන්වනු! නැත්නම් සතියක් ඇතුළත කෝටි 50ක් දෙනු! – යෝෂිතගෙන් සජීවට නොතීසි….

August 24, 2020 at 4:21 pm | by emanisa.lk

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකරගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟා වන මාර්ගයට සම්බන්ධ කිරීමට බවත් සජීව චාමිකර 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කරන යෝජිත රාජපක්ෂ එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින්, ඉන් තමාට හා තමාගේ චරිතයට සිදු වූ පුද්ගල හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා මෙම  එන්තරවාසිය යොමු කර තිබේ.

එමෙන්ම,

  1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම
  2. මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
  3. අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
  4. යෝෂිත රාජපක්ෂට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
  5. දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම

යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සිය සේවාදායක නීතීඥ සමාගම විසින්  අද 2020.08.24 දින පරිසරවේදී සජීව චාමිකර වෙත යොමු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස