භාග්‍යගේ සිංහරාජය සුරකින සටනට ජවිපෙ භික්ෂු පෙරමුණේ ආශීර්වාදය…! අද මහ සඟරුවන භාග්‍යයාගේ නිවසට වඩී…!

March 18, 2021 at 12:08 pm | by emanisa.lk

සිංහරාජ වන විනාශය ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට උදහසට ලක්ව සිටින භාග්‍යා අබේරත්න තව තවත් දිරිමත් කරන බව ජාතික භික්‍ෂු පෙරමුණ පවසයි.

ඇයට ආශිර්වාද කිරීමට හා මව්බිමේ අනාගතය වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත්වීම පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රශංසාත්මක අගයකිරීම පිළිගන්වනු පිණිස ජාතික භික්‍ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා අද (18) ඇයගේ නිවසට වැඩමකිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පවසන්නේ මෙහි දී භාග්‍යා දියණිය හෙළිකළ සිංහරාජ වන විනාශය නිරීක්‍ෂණය කිරීමට ද කටයුතු කරන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *