ගංජා කියන්නේ වටිනා ඖෂධයක්! ජනතාවට ගංජා වවන්න ලයිසන් දෙන්න ඕන! – නාලක හිමි

August 18, 2020 at 3:16 pm | by emanisa.lk

කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

එනිසා කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්වන ගංජා තොග පිටින් සහ වගාවන් පිටින් ගිනි තබා විනාශ කරන බවත් එවැනි අපරාධ නොකර එම තෙගෙ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බවත් එහිමියන් සඳහන් කරති.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අනුශාසනා කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස