කොළඹ නැඟෙහිර ජැටිය සම්බන්ධයෙන් මේ වන විට වෙනත් අතමැදි යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසයි.
නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට නොදී දේශීය ආයෝජකයෙකුට දීම ද නොකළ යුතු යැයි ඔහු පවසයි.
එසේ ම නැඟෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ලබා දීමේ යෝජනාවක් ද ඇතැයි නාගමුව පෙන්වා දෙයි.
අදානි පල් හොරෙක් බවත් නැඟෙනහිර හෝ බටහිර කිසිදු ජැටියක් ඔවුන්ට නොදිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.