කොවිඩ් උපාංග මිලට ගන්න දුන් මිලියන 127ක් පුස්කයි!

November 1, 2020 at 12:07 pm | by emanisa.lk

කොරෝනා  වෛරස හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 127ක ආධාර මුදලක් පසුගිය අප්‍රේල් මාසයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇතත් ඉන් කිසිදු වෛද්‍ය උපකරණයක් මෙතෙක් මිල දී ගෙන නොමැත.

පී.සී.ආර්. යන්ත්‍ර, ප්‍රතික්‍රියක කට්ටල, වාතය පිරිසුදු කිරීමේ යන්ත්‍ර, රසායනාගාර සේවා පවතින රෝහල්වල අධ්‍යක්ෂවරු ලෝක බැංකු සෞඛ්‍ය ව්‍යාපෘතියෙන් ඉල්ලා ඇත. මෙම උපකරණ කඩිනමින් ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු යුනිසෙෆ් ආයතනයට ලබා දී ඇති අතර ඔවුන් සමාගම් සමග සාකච්ඡා කර අවශ්‍ය උපකරණවල මිල ගණන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙතෙක් මෙම උපකරණ මිලදී ගෙන නොමැත. උපකරණ මිලදී ගැනීමට මුදල් ප්‍රමාණවත් නොවුණහොත් ජුලි මාසයේ දී තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 40ක මුදලක් ලබා දීමටද ලෝක බැංකුව එකඟ වී තිබේ.

කෙසේ වෙතත් උපකරණ ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය දැනුවත් කර තිබූ බව ලෝක බැංකුවේ සෞඛ්‍ය ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසීය. එම අංශය උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස