කොරෝනා මර්දනය අසාර්ථක වෙද්දි පාර්ලිමේන්තුව රැස්වීමත් සීමා කරලා! ආණ්ඩුවට කොරෝනා මර්දනයට වඩා දේශපාලනය වැදගත් බව එයින් පේනවා! – සජිත්

November 1, 2020 at 3:12 pm | by emanisa.lk

මේ වන විට රටෙන් කොරෝනා රෝගීන් 10 000ක් වාර්තා වී මරණ 20ක් වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ පසුබිම යටතේ තවමත් කොරෝනා සමාජගත වී නැතිදැයි තමා සෞඛ්‍ය ඇමතිනියගෙන් විමසන බව ඔහු සඳහන් කරයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා තුරු රැස් කළ පාර්ලිමේන්තුව අද ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩසටහන අසාර්ථක වන විට දිනකට පමණක් සීමා කර ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරය කොරෝනා මැඩලීම නොව සිය දේශපාලන න්‍යාය පත්‍රය දියත් කිරීම බව මෙ මගින් තහවුරු වන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස