කොරෝනා නැතැයි උදම් ඇනූ අයි.ඩී.එච්. රෝහලේ හෙදියකටත් කොරෝනා!

November 25, 2020 at 12:08 pm | by emanisa.lk

ජාතික බෝ වන රෝග විද්‍යා ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවට මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත.

කෙසේ වුවද කොරෝනා වසංගතය ආරම්භ වූ අවස්ථාවේ සිට ම එම රෝගීන්ට ප්‍රතිකාර කළ එම රෝහලේ කිසිවෙකුට මෙතෙක් කොරෝනා ආසාදනය වී තිබුණේ නැත.

එය වරෙක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගේ පවා ඇගයුමට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *