කොරෝනා මළ සිරුරු භූමදාන කරන්න හිතන්නවත් එපා! – මහචාර්ය මෙත්තිකා විතානගේ

April 5, 2020 at 8:57 am | by emanisa.lk

වර්ෂාව ආරම්භ වීමත් සමගම මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසයි.

Facebook සටහනක් තබමින් මහාචාර්ය විතානගේ සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ භූගත ජලය ඉතා නොගැඹුරු මට්ටමක පවතින බවයි.

එසේම ලංකාවේ භූමියේ ඇත්තේ පහසුවෙන් ජලය උරාගන්නා කබොක් ගල් බව ද ඇය අවධාරණය කරයි.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන අතර විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව විසින් ලබාදෙන හොඳම විද්‍යාඥයාට හිමි සම්මානයෙන් ද 2018 වසරේදී පිදුම් ලබන ලදි.

මහාචාර්ය විතානගේ භූගත ජලය පිළිබඳව විශේෂඥවරියක් ද වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Ecosphere Resilience Research Centerහී ප්‍රධානි ලෙස ද කටයුතු කරයි.

පහත දැක්වෙන්නේ මහාචාර්ය විතානගේ තබා ඇති ෆේස්බුක් සටහනය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *