කොටි සංවිධානය යටතේ උතුරේ ජනතාව නිදහසේ හිටියා! මට ඕන මගේ මහත්තයා මරලා දැම්ම කොටි පරිපාලනය වගේ එකක්! – විජයකලා

July 6, 2020 at 9:24 am | by emanisa.lk

යුද්ධය පැවති සමයේ කොටි සංවිධානය යටතේ උතුරේ ජනතාව ආරක්ෂිතව ජීවත් වූ බව හිටපු එජාප ඇමතිනි එජාප මැතිවරණ අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් සඳහන් කරයි.

එල්ටීටීඊ සමයේ පැවති පරිපාලන තත්ත්වයක් නැවත එම පළාත්වලට අවශ්‍ය බව ද ඇය අවධාරණය කරයි.

එසේ කළහොත් දෙමළ ජනතාව ඔබ පසුපස එනු ඇති බවත් ජනාධිපතිට කියා සිටින බවද ඇය සඳහන් කළාය.

නව ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව බියෙන් ජීවත්වන බවත් කොටි සංවිධානය යටතේ එවන් බයක් නොතිබූ බවත් ඇය පෙන්වා දෙයි.

උතුරේ ජනතාවට ෆෙඩරල් ක්‍රමයට බලය ලබාදිය යුතු බවත් ඉඩම් පොලිස් බලතල ලබා දී ඒ පළාත්වලට නිදහසේ ලබාදිය යුතු බවත් ඇය කියා සිටී. ඇය මේ බව ප්‍රකාශ කළේ සූර්යයන් රූපවාහිනිය සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

කෙසේ වුවද ඇගේ සැමියා වූ හිටපු ඇමති එජාප ඇමති ටී. මහේෂ්වරන් මරා දැමුවේ කොටි සංවිධානය විසිනි. ඒ හිටපු ඇමතිවරයා කෝවිලේ පූජාවට ගිය අවස්ථාවේ ජෝන් පොලින් වැලින්ටන් නම් ත්‍රස්තවාදී වෙඩික්කරුවකු ලවා වෙඩි තැබීමෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස