යහපාලන ආණ්ඩුවේ රථගායේ මිල රු. ලක්ෂ 28 000යි! ජනපතිට ලක්ෂ 3289ක වාහන! කැබිනට් ඇමතිලට ලක්ෂ 10650යි! රාජ්‍ය නොවන ඇමතිලට ලක්ෂ 6520යි! නියෝජ්‍ය ඇමතිලට ලක්ෂ 5640යි!

February 8, 2020 at 9:40 am | by emanisa.lk

පසුගිය ආණ්ඩුව 2015 සිට වසර 4ක් ඇතුළත ජනාධිපති අගමැති ඇතුළු ඇමති මණ්ඩලය සඳහා රු. බිලියන 2.8 එනම් රු. ලක්ෂ 28 000ක වාහන මිල දී ගෙන ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

ඒ යටතේ ජනාධිපතිවරයා වෙනුවෙන් රු. ලක්ෂ 6520ක ද අගමැතිවරයා වෙනුවෙන් රු. ලක්ෂ 420ක ද රාජිත සේනාරත්න වෙනුවෙන් ලක්ෂ 390ක් ද රවී කරුණානායක වෙනුවෙන් රු. ලක්ෂ 410ක් ද විජයකලා මහේෂ්වරන් වෙනුවෙන් රු. ලක්ෂ 420ක ද පී. දිගම්බරන් වෙනුවෙන් රු. ලක්ෂ 420ක ද රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් රු. ලක්ෂ 420ක ද ලසන්ත අලගියවන්න වෙනුවෙන් රු. ලක්ෂ 430ක් ද මහින්ද අමරවීර වෙනුවෙන් රු. ලක්ෂ 420ක ද සුපිරි වාහන ගෙන්වා තිබේ.

මෙම වටිනාකම සඳහන් කර ඇත්තේ රජයට හිමි විය යුතු සියලු බදු මුදල් ඉවත් කර වාහන සඳහා ගෙවන ලද මුදල බව ද එහිදී අනාවරණය විය.

මේ ආකාරයට නවීන සුපිරි රථ 78ක් පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් ගෙන්වා තිබේ. ඒ අනුව රජයට අහිමි වී ගිය බදු මුදල ඒ සඳහා රජය දරා ඇති ලක්ෂ 28 000ක මුදලට වඩා කිහිප ගුණයක් විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. ඒ මෙම සුපිරි වාහන සඳහා එහි වටිනාකම මෙන් කිහිප ගුණයක බදු පනවා ඇති හෙයිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස