කොටි සංවිධානය ත්‍රස්තවාදීන් නෙමෙයි! හමුදාව දවසකට දෙමළ ජනතාව ලක්ෂයක් මැරුවා! – විග්නේෂ්වරන්

August 31, 2020 at 11:03 am | by emanisa.lk

කවුරු කෙසේ කීවත් එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසයි.

තමන්ගේ ජනතාවට සිදු වූ අසාධාරණය හේතුවෙන් ඔවුන්ට යුද්ධයකට බැසීමට සිදු වූ බව ද විග්නේෂ්වරන් පෙන්වා දෙයි.

2009 මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ සාමාන්‍ය ජනතාවට ලක්ෂයක් මරා දැමූ බවටද ඔහු චෝදනා කරයි.

දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ පැරණිම භාෂාව බවත් දෙමළ ජාතිකයන්ගේ නිජබිම ශ්‍රී ලංකාව බවත් පැවසූ ඔහු මහාවංශ ඇති දේවල් සත්‍ය නොවන බව ද සඳහන් කළේය.

ආචාර්ය පද්මනාදන් හමු වූ අවස්ථාවේ අවුරුදු 3000ක් තිස්සේ ලංකාවේ දෙමළ භාෂාව භාවිත වූ බවට ඕනෑ තරම් සාක්ෂි ඇතැයි ඔහු සඳහන් කළ බව ද විග්නේෂ්වරන් පෙන්වා දුන්නේය.

දෙමළ ජාතිකයන් මෙරට පැරණිම ජාතිය බව පෙන්වීමට තමන් සතුව සාක්ෂි ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

තම දරුවන් සිංහලයින් සමග විවාහ වූයේ තමා දේශපාලනයට පැමිණීමට පෙර නිසා දැන් තමන්ට ඒ සඳහා කළ හැකි දෙයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

දෙරණ නාලිකාවේ මොකද වුණේ වැඩසටහනට එකතු වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස