කොටි යළි ඊළාම් සටනේ…! ගිනි අවි සමග උණ්ඩ 1000ක්…! සැකකරුවන් 06ක් ඉන්දියාව අල්ලයි..!

August 14, 2022 at 6:27 pm | by emanisa.lk

ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟාසිටුවීමේ කටයුතුවල නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ ලක්ෂාදීප් ප්‍රදේශයේ දී ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හා ආයුධ සොයාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයක දී එම තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක්, ස්වයංක්‍රීය ගිනිඅවි සහ උණ්ඩ 1000කට අධික ප්‍රමාණයක් රැගත් රවිහංසි නම් ධීවර යාත්‍රාව එහි සිටි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සමග පසුගිය වසරේ මාර්තු මස 18 වැනිදා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අදාළ සැකකරුවන් තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ඉන්දීය ජාතික විර්ශන ඒජන්සිය සඳහන් කර ඇත.

සිද්ධියට අදාළව පසුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් බවටත් රහසිගත රැස්වීම් පවත්වා එල්.ටී.ටී.ඊය යළි නඟාසිටුවීමේ කටයුතුවලට අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් මෙම මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සිදුකර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස