පිස්තෝලයක් රැගෙන යකා නටා මිනුවන්ගොඩ උණුසුම් කළ මැර පොලිස් කෝලම (video)

February 11, 2019 at 2:28 pm | by admin

ඊයේ රාත්‍රී මිනුවන්ගොඩ දී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ මාර්ග අනතුරකින් පසු ඊට මුහුණ පෑ අයකු පිස්තෝලයක් ද අතැතිව අනෙකාට සහ අවට වෙළෙඳසැල්හි සිටි අයට ද පහර දෙන අයුරු ඒ අසල සවි කර තිබූ CCTV කැමරාවල සටහන් වී තිබේ.

පසුව අනාවරණය වූ පරිදි මේ මීගමුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකි. CCTV දර්ශන අනුව මාර්ගයේ වැරදි පසින් ධාවනය කරමින් අනතුර සිදු කරන්නේ ද මේ සිවිල් ඇඳුමින් සිටින පොලිස් නිලධාරියාය. අනතුරව ජනතාවගේ දැඩි බලපෑම් මත මොහු අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමට කටයුතු කර ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස