බීමත් රියදුරන් අල්ලන මෙහෙයුම් වැඩි කෙරේ! බොරැල්ල OIC යට කළ ඩිෆෙන්ඩරයේ රියදුරු අල්ලන්න ෆේස්බුක් රහස් පරික්ෂකවරුන්ටත් අවස්ථාව!

March 11, 2019 at 7:38 am | by admin

සමාජ ශාලා ආසන්නයේ බීමත්ව රිය පදවන පුද්ගයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

පොලිස් අධිකාරීවරයා මේ බව පැවසූයේ අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීමත්ම රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් දියත් කිරීමට රථ වාහන පොලිස් නිලධාරීන් යොදවන බව පැවසීය. එමෙන් ම බීමත්ම රිය පදවන්නන්ගේ රියදුරු බලපත්‍රය සදහටම අහෝසි කිරීම දක්වා නීති සංශෝධනය කිරීමට ද කටයුතු කරන බව වැඩිදුරටත් පැවසුවේය.

බොරැල්ල පොලිස් අධිකාරීවරයා අනතුරට පත් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු බන්ධනාගාරගත කර පවතින පසුබිමක වෙනත් අයකුට චෝදනා නඟන පිරිසට සිය සාක්ෂි අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන බව ද සඳහන් කළේය.

“පොලිස් ඕඅයිසී මියගිය අනතුර සිදු කළ ඩිෆෙන්ඩරය පැද වූයේ දැන් අත්අඩංගුවේ සිටින සැකකරුවාම බව cctv දර්ශනවලින් තහවුරු වෙලා තියෙනවා. ඒ අතර රථය පැදවූයේ ඔහු නොව වෙනත් කෙනෙක් යැයි සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන 15ක් අඳුනගෙන තියෙනවා. අපි එයාලව අධිකරණයට ඉදිරිපත් කරලා ඔවුන් ළඟ තියෙන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *