කැලණි විහාර දායක සභාවට අලුත් සභාපතිවරයෙක්! 31 වසකට පසු රනිල් ඉවත් කරයි!

December 8, 2019 at 9:28 pm | by emanisa.lk

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සමන් වීරසිංහ අද (08) පත්විය.

ඒ විහාරස්ථානයේ අද පැවැති දායක සභාවේ මහා සභා රැස්වීමේදීය.‍

මෙයට පෙර කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස වසර 31ක් කටයුතු කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය.

පසුගිය සැප්තැම්බර් මස 1 වනදා කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වී එහි සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහඉවත් කිරීමට අනුමැතිය ලබාගත්හ.

විහාරස්ථානයට ඉටුවිය යුතු යුතුකම් ඉටු නොවීම ඔහුට විරුද්ධව ඇති චෝදනාවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස