කල් ඉකුත් වූ රියදුරු බලපත් සඳහා සහන කාලයක්!

June 22, 2020 at 9:11 am | by emanisa.lk

වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු 16 දින සිට ජුනි 30 දින දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියැදුරු බලපත්‍රයකම කාලය මාස හයකින් දීර්ඝ කර ඇත.

2020 ජූලි 01 දින සිට සැප්තැම්බර් 30 දින දක්වා කාලය තුළ වලංගු කාලය අවසාන වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය මාස තුනකින් දීර්ඝ කර තිබේ.

වලංගු කාලය දීර්ඝ කරනුයේ අදාළ රියැදුරු බලපත්‍රය වලංගු කාලය අවසන් වන දිනයේ සිට බවද ගැසට් නිවේදනයේ දක්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස