ජනපති ගෝඨා මාසෙන් සිස්ටම් චේන්ජ් කරයි! රියදුරු බලපත් වෛද්‍ය පරීක්ෂණ වෙලාව නිවසේදීම!

January 22, 2020 at 9:58 pm | by emanisa.lk

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණවලට දින සහ වේලාවන් වෙන් කර ගැනීම සඳහා අන්තර්ජාල යෙදවුමක් අද (22) හදුන්වා දුන්නේය.

ඉකුත්දා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි සංචාරයක් සිදු කළ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ නිළධාරීන්ට එහිදී උපදෙස් ලබාදුන්නේ කඩිනම් සේවාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසය.

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණවලට දින සහ වේලාවන් වෙන් කර ගැනීම සඳහා අන්තර්ජාල යෙදවුමක් හදුන්වාදීම ඒ අනුව සිදු කෙරිණි.

මෙම නව අන්තර්ජාල යෙදවුම මගින් ලබන සඳුදා සිට සේවා පහසුකම් ලබා ගත හැකි බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස