වෛද්‍ය සහතිකේට රටම පෝලීමේ තැප්ප යුගය නිමයි! රියදුරු බලපත්‍රයට වෛද්‍ය සහතිකේ ගමේ ඉස්පිරිතාලෙන්!

February 6, 2020 at 11:39 am | by emanisa.lk

සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික රජයේ රෝහල් මගින්ද නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ප්‍රහාහන සේවා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙම වෛද්‍ය සහතික නිකුත් කිරීමට හැකි වන සේ රජයේ රෝහල්වල පහසුකම් කඩිනමින් ඇති කිරීමටද රජය තිරණය කර ඇත.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සකස් කරන ආකෘතියකට අනුව මෙම වෛද්‍ය සහතික නිකුත් කෙරෙන අතර ඒ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අයකරන ගාස්තුව ප්‍රදේශීය ලේකම් කාර්යාල හෝ තැපැල් කාර්යාල මගින් රජයට ගෙවීමටද හැකියාව ලැබෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස