ඒකීය රට තුළ පුළුල් බලයක් නීති ගත කිරීම තුළින් එක්සත් ලංකාවක් ඉදිරියට ගෙන යෑම එජාපයේ පැතුම බව රවී කරුණානායක පවසයි.
නොවැම්බර් 16 වෙනිදාට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා කරවීම සිය බලාපොරොත්තුව බවද ඔහු කියා සිටියේය.
“ඒක හරි නේද?“ යනුවෙන් ජනතාවගෙන් අසා සිටි අමාත්‍යවරයා, අගමැතිවරයා ඇතුළු සියලු දෙනා සජිත් ප්‍රේමදාස දිනවීමට කටයුතු කරන බවද පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ගාලු මුවදොර එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල රැලියට එකතු වෙමිනි.