ඒකාධිපති ව්‍යවස්ථාවකට අපි විරුද්ධයි! – ශ්‍රිලනිපය

September 29, 2020 at 8:52 am | by emanisa.lk

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කිසිදු ආකාරයකින් ඒකාධිපති ගමනකට ඉඩක් නිර්මාණය කෙරෙන ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

චන්දිම වීරක්කොඩි මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

“කිසිම ආකාරයක ඒකාධිපති ගමනකට යන්නට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ඉඩ තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අපි එකඟ වෙන්නේ නැහැ.

බලාපොරොත්තු ඉටු කරවන රජයක් ජනාධිපතිවරයෙක් බිහිකරවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන්  කැපවෙනවා.”

චන්දිම වීරක්කොඩි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. පොදුජන පෙරමුණ තුළ ශ්‍රිලනිපයට මන්ත්‍රී ආසන 14ක් හිමිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස