එජාපය එක්ක සන්ධානයක් ගැහුවේ රටයි ශ්‍රීලනියයි බේරගන්නයි! – චන්ද්‍රිකා

September 3, 2020 at 8:42 am | by emanisa.lk

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ගොඩනගන ලද සහ සිරිමාවෝ බණ්ඩාරනායක ශක්තිමත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේ අත්ව ඇති ඉරණම පිළිබඳව කනගාටු වන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

2015 වසරේ බලයට පැමිණි පුද්ගලයා විසින් දුර්වල කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තරුණ පරපුරක් නිර්මාණය කිරීමට තමන් ඉදිරියටත් කැපවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂයක් සම්පූර්ණයෙන්ම විනාශ කළ නොහැකි බවත් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (02) දිනට යෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් සංවාදයකට එකතු වෙමිනි.

වසර ගණනාවක් දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටි තමන් 2015 මාදුළුවාවේ සෝභිත හිමි මෙන්ම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ගණනාවක ඉල්ලීම් මත තමන් නැවත දේශපාලනයට පැමිණියේ ඒ වන විට රටට සහ පක්ෂයට සිදුවෙමින් තිබූ විනාශය වළක්වා ගැනීමට බවද පවසයි.

“වර්තමානයේ බොහෝ අය කියනවා මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණා කියලා. නමුත් අපි 2015දී සිවිල් සංවිධාන සහ තවත් ද්‍රවිඩ මුස්ලිම් පක්ෂ ගණනාවක් එක්ක එකතු වෙලා දැවැන්ත සන්ධානයක් ගොඩනැගුවා. ඒ සන්ධානයට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකම හිටියා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස